Latest News

ලෝක පුජීත ක්‍රීඩකයින්ගේ භීතිකාවන්....

The Unusual Phobias of 10 Rich Athletes

බෝහෝ ව්ට  අප සිතන්නේ ක්‍රීඩකයන්, විශේෂයෙන් ලෝක පුජිත ක්‍රීඩකයින් ,මානසිකව මෙන්ම කායිකව ශක්තිමත් පිරිසක් ලෙසයි. මන්දයත් ඔවුන් එවන් තත්ත්වයකට පත් වන්නේ ජීවිතයේ අභියෝගතා රැසකට මුහුණ දෙමින් එවා ජයගනිමිනී. 

නමුත් ක්‍රීඩකයින් යනුද මනුෂ්‍යයින් වේ මේ නිසා ඔවුන් හට තුළද මානුෂිය හැඟීම් දැනෙනු ඇත. බිය යනු මානුෂීය හැඟීම් අතර ඇති එක්තරා දැනීමක් වේ. මේ දේ ක්‍රීඩකයන්ට මනා ලෙස දැනේ. ඉතින් ලෝක පුජිත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ  සිත් තුළ ඇති භීතිකාවන් ගැන කෙටි සටහනක් තබන්නයි මේ සුදානම.


http://www.wtatennis.com/javaImages/ba/67/0,,12781~11167674,00.jpg
Serena and Venus Williams - මේ සහෝදරියන් දෙදෙනා ටෙනිස් ක්‍රීඩා පිටිය තුළ සිටින විට ප්‍රතිවාදීන් තැති ගනී.නමුත් මේ සහෝදරියන් දෙදෙනාද  භීතියට පත් වන දෙයක් ඇත ඒ  Horror movies එනම් සංත්‍රාසය දනවන සිනමා නිර්මාණයන්ට වේ . "We just can't watch horror films," යැයි දිනක වීනස් කියා සිටියේය.


http://newswatch.us/wp-content/uploads/2014/04/Tim-Duncan-AP-e1369928184247.jpg
Tim Duncan -  පැසිපන්දු ක්‍රීඩාවේ සුපිරි හැකියාවන් පෙන්නුම් කරන ක්‍රීඩකයෙකි. වර්තමානයේ San Antonio Spurs ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන මොහු 2.11 m උසින් යුක්තය . නමුත් කෙතරම් උසින් වැඩි වුනත් මොහු උස් ස්ථානයන්ට හා මෝරැන්ට බියක් දක්වයි.


https://www.profootballfocus.com/wp-content/uploads/2012/12/eric-berry.jpg
Eric Berry - The Fifth Dimension සුරතල් නාමයෙන් ලොවම හඳුන මේ ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයා ද භීතීකාවකින් පෙළේ.එනම් මොහු අශ්වයින්ට භීතියක් දක්වයි .


http://o.aolcdn.com/dims-global/dims3/GLOB/resize/700x600/http://www.blogcdn.com/www.mandatory.com/media/2012/12/harry-howgetty-images.jpg
David Beckham- මොහු ගැන නම්  නොදන්න කෙනෙක් නොමැත . ක්‍රීඩාවෙන් මෙන්ම විලාසිතාවෙන්ද ලොවම වසඟයට ගත් මේ  සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ සිත තුළද අන් සැමගේ මෙන්ම භීතියක් ඇත.කුමක්ද ඒ ? එනම් අපිළිවෙල  වේ යැයි යන බිය නම් භීතිකායවයි . මෙය වෛද්‍යවිද්‍යාත්මක නාමය වනුයේ Ataxophobia.


Michael Cuddyer - බේස් බෝල් ක්‍රීඩාවේ මොහුගේ නම නොදන්නා කෙනෙක් නොමැත. එතරම් දැවැන්ත චරිතයක් මොහුට හිමිවේ . කොතරම් දැවැන්තයෙක් වුනත් සිතේ සැඟවුනු භීතියක් තියෙනවානේ . ඉතින් මොහු මී මැස්සන්ට පිළිබඳ භීතියක් ඇත."absolutely terrified"  යැයි දිනක් තම ලියුම් පෙට්ටියෙන් පිටව ගිය මී මැස්සෙක් දැකීම තුළින් ඇති වු හැඟීම ගැන මෙසේ ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ.

කෙසේ නමුත් මොවුන් මෙවන් වස්තුන්ට, සත්ත්වයින්ට භීතියක් දැක්වුවත් ක්‍රීඩාව තුළ නම් ඔවුන් නිසා අනෙක් පිරිස් භීතියට පත් වේ එමෙන්ම ව්ස්මයට පත් වේ ඒ මොවුන්ගේ හැකියාවන් නිසාවෙනී. උත්සාහය ,කැපවීම මත ජීවිත දීනු මේ ලොව පුජීත ක්‍රීඩකයින් සදාකල් භීතියට පත් කළ නොහැක ක්‍රීඩාව දිවිය තුළ.

සටහන - චෙිතිය ප්‍රසංග

No comments:

Post a Comment

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga