Latest News

MoraSpirit Most Popular Sports Star 2014



ලාංකීක විශ්වවිද්‍යාල තාරුණ්‍ය යනු බුද්ධිය සමගින් තම ජීවිතය ඉදිරියට ගමන් ගන්නා සමාජයේ තාරුණ්‍ය ප්‍රජාව අතර කැපී පෙනෙන පිරිසකී.ක්‍රිඩාව යනු මනුෂ්‍යයා කායික හා මානසික වර්ධන සමගින් ඉදිරියට ඇදී ආ මානුෂීය ක්‍රීයාවලියක් යැයි මා පැවසුව හොත් නිවැරදියැයි හැඟේ. මෙරට වීශ්වවිද්‍යාල තුළ බෝහෝ විට ඇකට පමණක් සීමා වී විශ්විද්‍යාලය ජීවිතය ගෙවා දමනා සිසුන් පිරිසක් අපට දැක ගත හැක. නමුත් මේ අතර තම වීශ්වවිද්‍යාල ජීවිතේ ඇකට පමණක් සීමා නොකර ක්‍රීඩාවට තම තාරුණ්‍ය ජවය කැප කරමින් බුද්ධිය මෙන්ම ක්‍රීඩාශීලිත්වය එකසේ පවත්වා ගන්නා පිරිසකුත් සිටිතී. ලංකීක විශ්වවිද්‍යාලීය  ක්‍රීඩාව ගැන කැකුමක් ඇති සංවිධානයක් ලෙස අපට MoraSpirit  හැදින්විමක් කළ හැක. පළමු වෙඩිමුරයට මේ කෙටි සංෂිප්තය ඔබ වෙත ගෙන ආවේමී.


ක්‍රිඩාව යනු ලංකාව තුළ වෘත්තීමය විදිහට කරගෙන යා හැකි තත්වයක් අද වන විටත් තවමත් මතභේදකාරී තත්වය පවතී . නමුත් ක්‍රීඩාව එසේ පැවතුන සමහර ක්‍රිඩාවන් යනු ලංකාව වෙනත් රටවල්වලට හදුන්වා දීමට ද යොදා ගන්නා තත්වයක පවතී . මේ අතර MoraSpirit යනු විශ්වවිද්‍යාල හා පාසල් මට්ටමෙන් ක්‍රීඩාව දේශිය මෙන්ම විදේශිය රටවල් තුළ ගැන කතා කරන ක්‍රීඩා උණක් තියෙන සංවිධානයකී.  පෙර පැවසු පරිදි විශ්වවිද්‍යාලයන් කරා බෝහෝ විට සිසුන් පැමිණෙන්නේ තම අනාගත ජීවිතය ජය ගැනීමට අවශ්‍ය අධ්‍යාපනීක පසුබිම සකස් කරගැනීමටයි . එමනිසා විශ්වවිද්‍යාල මට්ටමෙන් ක්‍රීඩාවට යොමුවන පිරිස සිමීත බෝහෝවිට හේතුවක් වනුයේ ඒ ක්‍රීඩාවන් වලට යොමු වීම තව ඇකඩමික් ජිවිතයට ගැටලුවක් වනු ඇතැයි යන මතය වේ . නමුත් ඒ මතයේ ඇති සාවද්‍ය බව හේත්තු ගැන්වීමට සාක්ෂී ඉදිරිපත් කීරීමට මා උත්සුක නොවේ . සංගාක්කාර යන නම පමණක් සදහන් කරමි. ක්‍රීඩාවක් ජනප්‍රිය වීමට බෝහෝ විට ඒ ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩකයන් ගේ ජනප්‍රියතාව බලපානු ඇත. හේතුව ඒ ක්‍රීඩකයා ජනප්‍රිය වේ නම් ඒ ක්‍රීඩාව ගැන හොයන පිරිස වැඩිවේ . මේ නිසා ද ක්‍රිඩාවේ ජනප්‍රියතාව වැඩි වනු ඇත. එමෙන්ම ක්‍රීඩකයෙක් ජනප්‍රිය වීම යනු එය ක්‍රීඩාවට මෙන්ම ඔහුට හෝ ඇයටද මහත් වු පිටුවහලකී. මක් නිසාදයත් අද වනු විට ලොව දැන්වීම් කලාවේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය. මේ නිසා ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවගේ ජනප්‍රියතාවය ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජිවිතයට මෙන්ම ක්‍රීඩාවටද මහත් පිටුවහලකී. 2014 වසරේ විශ්වවිද්‍යාල මට්ටමෙන් ජනප්‍රියම ක්‍රීඩකයා තේරීමේ තරඟාවලික් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාවේ ජවය වන  MoraSpirit  මෙරට සංන්නිවේදනයේ පෙරගමන් කරු වන Sri Lanka Telecom සහ Wisdom Business Academy  සමගින් අත්වැළ බැද ගනිම්න් සංවිධානය කර ඇත. මෙම තරඟාවලිය විශ්වවිද්‍යාල ක්‍රීඩාව තුළ නියුතු ක්‍රීඩකයින් මෙන්ම එම ක්‍රීඩාවන්ට මහත් වු වටිනා තරඟාවලියක් වනු ඇත මෙය.  ෙමම නිසා ලංකාෙව් වීශ්වවිද්‍යාල මට්ට ෙමන් සුපිරිම හැකියාවන් ෙපන්වු පිරිසක් ෙම් තරඟාවලියට ෙත්රී පත් වී අැත.
 මනුෂ්‍යයා යනු සැමවිටම දිනුම සොයාගෙන යන පිරිසකි , මෙය ක්‍රීඩාවට අනිවා පොදු ධර්මතාවයකී. මේ වන විට 2014 වසරේ ජනප්‍රියම වීශ්වවිද්‍යාල ක්‍රීඩා තරුව තේරීමේ තරඟයද ඉතාමත් උණුසුමිය . හේතුව සියලුම ක්‍රීඩකයින්ට අවශ්‍ය තම ජයග්‍රහණය ලබා ගැනීමටයි. අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන මනාප ජන්ද  ක්‍රමය මත තේරිම සිදුකරනු ඇත, මේ නිසා මෙම තරඟාවලිය තුළ සමිමත ක්‍රියාවලියෙන් පිට වෙනත් ක්‍රියාවන් වලින් ක්‍රීඩකයින් තම දිනුම තහවුරුකර ගැනීමට උත්සුක වන බව තරඟාවලියේ නිරීක්ෂණය කීරීම දැන ගැනීමට හැක.ක්‍රීඩකයන් ලෙස මෙය ක්‍රීඩාව තුළ තිබෙනා වු ගුණාංගවලට කරන්නා වු මහත් වු ලැජිජා ශිලි මෙන්ම නින්දා සහගත ක්‍රීයාවක් යැයි පෙනීයන්නේ . මක්නිසාදයක් දිනුම හා පැරදුම කාසියක දෙපැත්තක් වැනි . ඔබේ දිනුම තහවුරුවන විට තවෙකුගේ පැරදුම තීරණය වී හමාරය . මෙය ක්‍රීඩාවේ ධර්මතාවයයි. මා සිතන පරිදි ෙමම තරඟෙය් සිටින සියලු ක්‍රීඩකයින් ඒ් නිතීය මනාව දන්නා පිරිසක් බවයි. දිනුම සොයාගෙන යන විට පෙර දැක්වු ක්‍රීයාවන් තුළින් ඔවුන්ගේ ප්‍රතිරුපයේ විනාශ වීමක් සිදුවන්නේ ඔවුන්ට නොදැනීය. බුද්ධිමත් ක්‍රීඩකයින් වශයෙන් එබදු ක්‍රියාවන් කීරීම තුළින් මෙරට අනාගත ක්‍රීඩකයින් ලබාදෙන්නේ කුමන ආකාරයේ ආදර්ශයක්ද යන්න සිතා බලන්න

මෙය කියවන ඔබ විටක ක්‍රීඩාවේ නියුතු කෙනෙක් නොවන්නට පුළුවන් නමුත් ඔබ ක්‍රීඩාවට කැමැත්තෙන් සිටින්නෙක් විය හැක. ක්‍රීඩයෙකු දිරිමත් කීරීම යනු එය ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩකයාට කරන්නා වු උපකාරයකී. මෙරට ක්‍රීඩාවට ලැදි ඕනැම පිරසක් සැම විටම ක්‍රීඩාව සමඟින් මෙන්ම ක්‍රීඩකයින් සමඟින්ද සීටි. උදාහරණ ලෙස මුත්තායි මුරලිදරන් ක්‍රීඩකයා මුහුණ දුන් ගැටලු තුළ මෙරට ක්‍රීඩාලෝලී හැසිරුණු ආකාරය පිලීබ්ඔ වේ. ඉතින් ඔබත් ක්‍රීඩාවට ලැදී අයෙක් නම් මේ සංවිධානය කර ඇති තරඟාවලියට ඔබගේ මනාපය ලබාදෙන්න. වීශ්වවිද්‍යාල සිසුවෙක් නම් ඔබ අනිවාර්යෙන් මේ සඳහා සහයෝගයක් ලබාදෙන්න .සමහර පිරිස් අනේ අපිට මොකටද බන් ඕවා උන් දින්නාට අපිට මොනවාද ලැබෙන්නේ  නමුත් එලෙස සැවෝම සිතුවානම් අද මෙරට ක්‍රිඩාවක් නොපවතී .  නිවටුන් මෙන් තම කැමැත්ත පල නොකරනවා නම් එය මෙරට ක්‍රීඩාවට කරන්නා වු දෝහී කමක් යැයි මට හැඟේ . ඉතින් ඔබත් ක්‍රීඩා උණ ඇත්තෙක්ද ? නැත්තෙක්ද ? නිවටයෙක්ද ? යන්න තීරණය කරන්න . ස්තුතියි.

අවසානයේ සාරාංශ සටහනක් ලෙස ගෙන ඒමට ඇත්තේ මෙරට විශ්වවිද්‍යාල ක්‍රීඩාව , මෙන්ම මෙරට විශ්වවිද්‍යාලීය  ක්‍රීඩකයින් ජනප්‍රිය කරවීම හා ලංකීක ක්‍රීඩාවන් වලට මෙරට ගොඩ නැඟීම මතවාදීමය සිතුවිලි ඉවත් කරමින් ක්‍රීඩාව  ඉහළ තැනකට ගෙන ඒමයි. Moraspirit වන අප විසින් සංවිධානය කරනු ලබන 2014 වසරේ ජනප්‍රියම වීශ්වවිද්‍යාල ක්‍රීඩකයා තේරීමේ තරඟාවලිය මෙරට ක්‍රීඩාවේ ජීවී ආත්මයට අවශ්‍ය හුස්මක් වනු ඇත  .

-චේතිය ප්‍රසංග-

1 comment:

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga