Latest News

දැවැන්තයාගේ 6 වෙනි උපන්දිනේ :D ....

                 ඔන්න එහෙනම් යාලුවනේ අද මම කතා කරන්න යන්නේ society එකක් ගැන .හැබැයි නිකන්ම නිකන් නමට  ලොකුවට ,ලොකුව පෙන්නන්න හදාගත්ත society එකක් නම් නෙවේ මේක. ප්‍රධානම කාරණාව තමයි , මම මේ කියන society එක දිහා බලාගෙන තමයි දැනට බිහිවුණු සේරම කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ. කවුරු මොනවා කොහොම පිහිටවාගත්තත් මම මේ කියන්න යන society එක, එහෙම නැත්තන් සුහද මිතුරු කැලෙන් වුනු තරම් සේවාවක් අපේ මේ විශ්ව විද්‍යාලයට වෙන එක Society එකකින්වත් වෙලා නෑ කියලා මට බය නැතුව කියන්න පුළුවන්(කියන්නේ බොරුනම් හොයලම බලන්න).




ඕනෙවට වඩා පම්පෝරි ඕනෙත් නැනේ :P . කවුරුත් දන්නවා මම මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා විශවවිද්‍යාල 14 ක්‍රීඩා අංශයන්ගේ දියුණුවේ කොදුනාරටිය බදු  MoraSpirit ගැන කියලා.
            හරි දැන් අහයි කොහොමද ඕක කොදු නාරටිය වෙන්නේ කියලා..
වෙන්නේ මෙහෙමයි . මම අතිතේ ඉදන් කියන්න පටන් ගන්නම්කො.

( හොදට කියවාගෙන යන්න ) ඕනෙම විශ්වවිද්‍යාලයක අඩුපාඩු කියන එක නැතිවෙන දෙයක් නෙවෙයිනේ.හැබැයි ඒ අඩුපාඩු හැමදාටම තියාගෙන ඉන්නවනම් එක විශ්වවිද්‍යාලයකුත් නෙවෙයි. කෙටියෙන්ම කියනවනම් University Of ............... කියන නම ගොඩනගන්න එක අතකින් මුලිකත්වය දැරුවේ මේ කියන MoraSpirit තමයි.හේතුව තමයි ඕනෑම විශ්වවිද්‍යාලයක කැපී පෙනෙන  දක්ෂතා අතරට පැමිණිය හැකි ක්‍රීඩකයන් හදුනාගෙන ඒ ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය සියලුම විදිවිදාන සැපයීමට අපේ මේ එකමුතුව අද වෙනකොට සමත් වෙලා තිබීම.  (තනි අතෙන් අත්පුඩි ගහන්න බෑනේ :p ,කිවුවදේ තේරෙන්න ඇති කියලා හිතෙනවා ).


  • එක උදාහරණයක් හැටියට ඔය හැමෝම කතාවෙන"ඉන්ටර් යුනි(Inter University Games) ජයග්‍රහණයන්ගේ  නව වාර්තා ඇති වීමේ  සාඩම්බර හිමිකරුවෙක් තමයි MoraSpirit කියන්නේ .
කතාවෙන් කතාවෙන් ඇතිතේ අමතක උනා. ඔන්න අහගන්නකෝ එහෙනම් MoraSpirit ආරම්භය සිද්ධ උනේ වසර 2009 සැප්තැම්බර් 25 වෙනිදා ඩිලංක ජයසුන්දර සහ හේමින්ද ජයවීර කියන අපේ සහෝ දරයන් අතින් , ඒ වගේම Moraspirit ප්‍රධාන අරමුණ තමා ,

"ශ්‍රී ලාංකීය  විශ්ව විද්‍යාල 14 ක්‍රීඩා කෞශල්‍යය  ඉහලම ස්ථානයට , එහෙමත් නැත්තන් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ක්‍රීඩා වංශකතාවේ පළමු තැනට ගෙන එන එක ". 

ඇත්තටම කියනවානම් මේ අරමුණ වසර 2015  වෙනකොට සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා තියනවා  කියන්න පුළුවන් . මොකද , 

උදාහරණයක් ලෙස  අප විශ්ව විද්‍යාලය ,
  1. Joint Overall Champions in Inter University Games 2014(2014 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ සමශුරයින්)  බවට පත් කිරිඉමට හැකිවෙලා තියනවා .
ඒ වගේම සියලුම විශ්ව විද්‍යාල වල පැවැත්වෙන ක්‍රීඩා ඉසවු සියල්ලේම විස්තර හැම විශ්ව විද්‍යාලයකට දැනගැනීමේ පහසුකම ඒ වගේම ඔවුන්ගේ දක්ෂතා ප්‍රචලිත කිරීමේ හැකියාව , සියලු ඉසවු ආවරන කටයුතු යන සියල්ලම Moraspirit විසින් දැනටමත් අතිවිශිෂ්ට ලෙස ඉටු කරමින් පවතිනවා. 


මෙන්න මේ කිවුව කරුණු කාරණා වල  ගෞරවයට ඉතසිතින් මුල් තැන ගන්නේ  තමා.... එහෙනම් මේ අවුරුදු 6ක් තිස්සේ කරන් ආව සත්ක්‍රියාව මින් ඉදිරියටත් උසස් අන්දමින් පවත්වාගෙන යන්න පුළුවන් වේවා කියලා blog ලියන මමත් ඉතසිතින් ප්‍රර්ථනා කරනවා....!!!


සුබ උපන්දිනයක් වේවා Moraspirit !!!




             

No comments:

Post a Comment

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga