Latest News

කිසි Go එකක් නැ බන් ...

                


  රාජ්‍ය වීශ්විද්‍යාල වනාහි ලංකීය අනාගත බුද්ධිමතුන්ගේ නිවහන කිවොත් මා නිවැරදි . ඔය වනාහි ගැබුරු වචන වලින් ඉවත් වේලා අපි අපේ කැමිපස් ලයින් එකට මේක ලියමු නේද මොරටු කොල්ලෝ කෙල්ලනේ ... මොරටුව කිවා ඉතින් ඇක දාන තැනක් ලෙසන ගොඩක් ප්‍රසිද්ධ ඒ වුනත් මේ උදේ ඉදන් රූ වෙන කමි අයිස් ලන්තයේ ,
අපායේ ඇක දාන වුන් අතර පිටිටනියේ රෑ 9 ,10 වෙනක් සෙල්ලම් කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා . රගර් , පාපන්දු , බේස්බෝල් වගේ නොයෙක් සෙල්ලම් කරන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා .  මේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ කාලය මේ වෙනුවෙන් කැප කරන්නේ ඔවුන්ගේ ආශාවන්වලටත් වඩා මොරටු මාතාව තව වරක් 2013 ,2014 දී රාජ්‍ය අන්තර් විශ්ව්ද්‍යාලක්‍රීඩා තරඟාවලියේදී ශූරතාවය ලබා ගැනීමටයි . මේ ලිපිය ලියවෙන විටත් මොරටු කොල්ලේ කෙල්ලෝ ඒ ශුරතාවය ලබා ගැනීමේ සටනට බැස ඇත. ඒ නිසාම මේ වන විට දෙවන ස්ථානය ලබාගෙන ඇතලකුණු 98 ලබාගෙන හැබැයි දෙක වේලා ඉන්නේ ගියපාර 4 වෙනි ස්ථාන ලබාගත් විශ්වවිද්‍යාලයට . හිතෙන විදිහට අපිට මේ පාරත් එක දාගන්න පුළුවන් වෙයි. අපේ ඇක දාන වුන් ගොඩක් වේලාවටsemester exam සෙටි වුනාම අපායට හරි ලයිබිරියට හරි සෙට් වේලා පණ දාගෙන ඇක දානවා ඒ වුනත් මේ තරඟ වලට තරඟ වදින අප සහෝදර සහෝදරියන් මාස ගාණක සිට සැලැසුම් සහගත ලෙස සුදානම් වනුඇත ඒ තමන්ගේ ඇක දාන කාලයද කැප කරම්න් වේ . මේ පාර ඇයි බන් කිසි ගෝ එකක් නැත්තේ . අපි ඇක දාන්න ආසයි ඒ වුනාට අපිත් මිනිස්සු  අපි හැමෝමට ලස්සන අනාගතයක් දකින්න අපි හැමෝම සිහින මවනවා ඒ අතර තමන් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාල වෙනුවෙන් රන් පදක්කමක් පළදින්න සිහින මවන සහෝදර සහෝදරියන් අප අතර ඉන්නවා අපි හැමෝම මොරටු කෙල්ලෝ කොල්ලෝ ඉතින් අපි එක වන්ව ඉන්නවා මොරටුව ප්‍රශ්නයක්  එනවා නමි ඉතින් ඇයි එතකොට මේ වගේ තරඟාවලියකදී අපි එකා වන්න නැත්තේ ඇයි උඔලා ගේ හිත්වල ඊරිසියාව නැත්තම් අකමැති මොරටු මාතාව වෙනුවෙන තරඟ වදින කොල්ලෝ කෙල්ලෝ අන්තිම වටයට ඉන්නවා දකින්න .හැමදාම මේ තරඟවල ඉන්නේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් ඉන්නේ කිහිප දෙනයි එත් ඔවුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලම කමොන් මල්ලී ,නංගි ,අක්කා ,අයියා කියලා කැගහනවා නම් ඒ වචන ටික ඇති අපේ වුන්ට 2014  දිනපු ඒ දේ ගෙන එන්න .ඉතින් ඒ දේ කරන්න එක් වෙන්න ඔය දාන ඇක පොඩ්ඩක් ඇත් කරලා පොඩිඩක් අපේ වුන් ගැනත් හිතන්න ඔබේ හිත වෙනස් කරගන්න දිනමු කොහොම හරි මේ පාරත් අන්තර් ව්ශ්විද්‍යාල තරඟාවලිය. එක මේ පාරත් අපි ගනිමු නේද මොරා  කොල්ලනේ කෙල්ලනේ .


-චේතිය ප්‍රසංග-

No comments:

Post a Comment

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga