Latest News

කවුද මචං එක ??????????????



 විහිළු එපා මචං, MORA  තමයි ...............



                  අමතක වෙලත් ඇති අපේ සහෝදර කැම්පස් වලට...නේද??? ..

අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ.... වෙනදා වගේම "MORA" තමයි.අහපු ගමන් බය උනාද????????  බය වෙනඩ ඕනේ තමා..... දිගටම කියවගෙන යන්ඩකෝ .... :D
                                                 කිවුවේ මොනවා ගැනද කියලා වෙනම කියන්න ඕනෙත් නෑනේ. පටන්ගනිද්දි නම් හිටියේ 5ට ,ඊට පස්සේ ඒක 4 උනා . කවුරුත් දන්නේ නැ අපි 2ත් උනා..දැන් තත්වේ දන්නවද?????? MORA කොල්ලෝ /කෙල්ලෝ නම් දන්නවා. 
                                                                  එකත් දන්නැති අයට දැනගන්න කියන්නම්කෝ , මේ දවස්වල "Inter University Sports Championship 2015"  එහෙමත් නැත්තන් අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලිය 2015 කියන එක පැවැත්වෙනවා. ලංකාවේ හුගක් කැම්පස්  වල  අය කියන හැටියටනම් අපි අලයෝ එහෙම නැත්තන් ඇකයෝ . "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි, ඒ වගේම බලන්නා සිහි බුද්ධියෙන් point table(ලකුණු සටහන) දිහා බැලිය යුතුයි " කියලයි අපි නම් කියන්නේ.
                                                                                                දැන් ඔය සමාජයේ අපිට අර විශේෂණ  පද කියන අයට මම පොඩි උදාහරණ ටිකක් දෙන්නම්.

නොම්මර  1- අපිටම අනන්‍ය වෙච්ච, එහෙම නැත්තන් අපිටම ලියලා දුන්න ජයග්‍රහණ තියනවා ඔය කියන අයගේ  campus  වලින්. රගර් match කියක් නම් 0 තියලා මොරා කොල්ලෝ දිනුවද.


   නොම්මර  2 - ඊලග අනන්‍ය වෙච්ච එක තමා ක්‍රිකට් match . එකත් ඔය විශේෂණ පද තියන කොල්ලෝ තමා  දිනුවේ.

                                                  ඊළගට කට්ටිය කියන්න ගත්තා  outdoor විතරයි indoor බෑ කියලා... අනේ ඉතිං පවුත් හිතෙනවා ඊයේ තිබ්බ කැරම් තරගයෙනුත් ඔන්න indoor පුළුවන් කියලා පෙන්නුවා හොදේ. ඒකෙන් තව එකක් පෙන්නුවා.
                       " ලකුණු සටහනේ අංක 1 මේ MORA  කොල්ලොම තමා කියන එක " .                                                                           ඔය මට්ටමට ඔහොම ලකුණු ගානක වෙනසක් තියන් ආවේ  බලාපොරොත්තු තිබ්බ තරගත් පැරදිලා.ඊලග පාර වෙනස කොච්චර වෙයිද ?? ඔය හැමදෙයින්ම එක කියලා හිතන් ඉන්න සහෝදර/සහෝදරියන්ට තේරෙන්න ඇති කියලා මම හිතනවා. දැන් මම මේ කියපුවා තේරුණා පිරිසක් ඉන්න ඇතිනේ ( ඔය කියන සහෝදර විශ්ව විද්‍යාල වල J ). මෙන්න එහෙනම් නොතේරෙන අයට හොදින් අවබෝධ වෙන්න මම ලකුණු සටහනත් මේකටම දැම්මා එහෙනම්.
                                  මේ තරග ජයග්‍රහණ කරන හැකියාව තහනම් උත්තේජක වලින් ආව එකක් නම් නෙවේ ඔන්න . ඔයාලව පොඩ්ඩක් එක්ක යන්නම් අතීතෙට . ඔන්න කියවලා බලන්ඩකෝ එකෙන්ම .....
1.  Champions of the Sri Lankan University Games 2013(2013  ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩා කරගාවලියේ ශුරයෝ )  SLUG කිවුවම මතක් වෙයි.
2.  Joint Overall Champions in Inter University Games 2014(2014 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ සමශුරයින්)
3.  2015???????? කියන්න දෙයක් නෑ ..... මේ පාර සම, අනු කියන විශේෂණ පද මකුත් ඕනේ වෙන්නේ නෑ ... මේ පාර ශුරයෝ ” කියන එක දැනටමත් ඔප්පුවෙලා ඉවරයි .


සැ. යු :-
           ඉස්සර exam පස්සේ දිවුවට දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ එහෙම නෑ... දැන් ඇකෙන් විතරක් නෙවේ ක්‍රීඩා වෙනුත් එක MORA තමයි.ඒක දැනටමත් පෙන්නලා ඉවරයි. ජුලි මාසෙටත් ආවා ඔන්න එහෙනම්,හෙට අනිද්දා තියන ඊළග තරගෙත්  අපේ ජයග්‍රහණයක් බවට තවදුරටත් තහවුරු කරන බලාපොරොත්තුවෙන් අපි  ඔබෙන් සමු ගන්නවා . 

ජය අපටයි MORA!!!




                                                                                                                                 _ඉසුරු flicker_

No comments:

Post a Comment

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga