Latest News

ඔහු දක්ෂ නායකයෙක් - ඩැරන් සැමී ..

http://www.wallpaperbasti.com/wallpapers/sports-stars/cricketers/west-indies/darren-sammy/Darren-Sammy-Photo.jpg


ඩැරන් සැම් එක්දින කණ්ඩායමට එක්වන්නේ ඒ වසර 2004 දීය .ඒ අනුව 2007 වසරේදී මවුබිමේදීම ටෙස්ට් වරම් හිමිකර ගත් සැම් , සිය පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීම
ලකුණු 66 කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය. එය දෙවැනි වන්නේ එම පිටියේ 1950 දී හොදම පන්දු යැවීම වාර්තා කල මැල්කම් මාෂල්ට (ලකුණු 22කට කඩුලු 7ක් )පමණයි .
කෙසේ වෙනත් එදා සැමී මෙම දස්කම් දක්වන විට විට යාන්තම් ඔහුට අවුරැදු 23ක් වුවා පමණයි.

කෙසේ වෙනත් ඩැරන් සැමීට ක්‍රීඩා කරන්නට ලැබුනේ එම තරගය ඇතුළුව තවත් තරග හතක් පමණී. 2010 වසරේදී කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඒ වන විට නායකත්වයේ
සිටි ක්‍රිස් ගේල් අතර ගිනි ඇව්ලෙන්නට විය. ඒ අනුව එම වසරේ ඔක්තෝබරයේදී ගේල් , කොදෙව් ක්‍රිකටි පාලක මණ්ඩලය අතර පැවති ගිවිසුමෙන් ඉවත් වු අතර ,
ඩැරන් සැමිට එහි කටු ඔටුන්න ලැබුණේ කණ්ඩායමේ සමගිය ඇතුළු සියලු වගකීමී ඔහු මත පටවමිනි. එහෙත් ඒ වන විටත් ඔහුගේ ටෙස්ට් වාර්තාව නම් එතරම් හොද තත්ත්වයක
නොතිබුණු අතර , පිත්තෙන් ලකුණු 19.40 ක සමාන්‍යයක් රඳවා ගනිම්න් කඩුලු 27ක් පමණක් දවාගෙන තිබුණී.

 ඩැරන් සැමී සැබැවින්ම ඔහු කැප්ටන් කුල් කෙනෙකී. ඉන්දියාවේදී පිට පිට ටෙස්ට් තරග තුනක් පරාජයට පත්වෙමින් දරැණු ටෙස්ට් තරගාවලි පරාජයකට උරැමකම් කීවද ඔහු , තරග අටක්
දිනවා දීමට සමත් වු නායකයෙකු වු අතර තරග 10ක් ජය පරාජයෙන් තොරව නිමා කීරිමට සමත් විය.කෙසේ වුවද හිටපු නායක ක්ලයිඩි ලොයිඩි තරම් ගෞරවනීය තත්ත්වයකට පත්වමට ඩැරන්
සැමි වාසනවාන්ත වු අතර එය කොදෙවි ඉතිහාසයේ රන් අකුරින් ලියැවේ.

අවසානයේ ඔහු ගැන මෙසේ සදහනක් තබමී,

ඔහු දක්ෂ නායකයෙක් . සියලු ආකාරයේ පීඩනයන් පාලනය කීරීමට රුසියෙක්. මහත්මා ගති ඇති ක්‍රීඩකයෙකි. ලෝක කුසලානය දිනු කණ්ඩායමට පවා පෞද්ගලික ප්‍රශංසා කරන නිහතමානී ගුණ ඇති තරුණයෙකී. මැතකදී පැමිණී ක්‍රීඩකයන් අතුරින් ඩැරන් සැමි සුවිශේෂී චරිතයක් වන්නේ එබැවීනී.

 සටහන - චේතිය ප්‍රසංග (උපුටා ගැනීමක් මාලන් විදාන පතිරණ මහතා විසින් ගෝ සඟරාවට ලියන ලද ලිපිය තුළින්.)

අදහසක් එක් කර යන්න . ස්තුතියි .

1 comment:

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga